මුරුන්කන් පොලිස් වසමේ මැදවච්චිය තලෛයි මන්නාරම ප්රධාන මාර්ගයේ මලත්තාවුල් ප්රදේශයේ දී මැදවච්චිය දෙස සිට මුරුන්කන් දෙසට ධාවනය වූ ටිපර් රථයක් එයට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වු අත් ට්රැක්ටරයේ ටේලරයේ පිටුපස ගැටී ඊයේ (13) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් අත් ට්රැක්ටරයේ රියදුරු හා ටේලරයේ ගමන් කල කාන්තාවක බරපතල තුවාල ලබා මුරුන්කන් රෝහලට ඇතුළත් කිරිමේ දී කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය තැනැත්තිය වයස අවුරුදු 70ක් වන මුරුන්කන් ප්රදේශයේ පදිංචිකාරියක්.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්කන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.