ජනපති, 21 වනදා ජගත් සමුළුව අමතයි

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 21 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතයි.

මෙම සංචාරයේ දී දේශගුණික විපර්යාස, ණය තිරසරභාවය ඇතුළු මාතෘකා රැසක් ඔස්සේ ජනාධිපතිවරයා ලෝක නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

ඊයේ (13) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා කියුබාවේ පැවැත්වෙන ජි 77 සමුළුවට ප්‍රථමයෙන් සහභාගී වනු ඇති.

Read more

Local News