චර්ම රෝග සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 40ක් එක්සීමා තත්ත්වයෙන් පසුවන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට පවසනවා.
ප්‍රතිශක්ති පද්ධතියේ ඇති වන යම් කිසි ප්‍රතික්‍රියාවක් නිසා සම මතුපිට ඇති වන චර්ම ප්‍රදාහයක් එක්සීමා තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබනවා.
අදට යෙදෙන ලෝක එක්සීමා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මේ බව ප්‍රකාශ කළා.