මැදවච්චියේ ඝාතනයක් -25 හැවිරිදි තරුණයෙක් මරුට

Share

මැදවච්චිය පොලිස් වසමේ කනදරාදිවුල්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදීමෙන් මියගොස් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 25ක් වූ කනදරාදිවුල්වැව, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා තම පියා සමඟ පැවති ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් අතරතුර දී පියා හා වැඩිමහල් සහෝදරයා විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වි තිබෙනවා.

Read more

Local News