කටුගස්තොට පොලිස් වසමේ මැණික්කුඹුර අඩිපාර ප්රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට කටුගස්තොට පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 56 ක් වන මැණික්කුඹුර, අඩිපාර ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරු තම බිරිඳ විදෙස් ගතව සිටි බැවින් නිවසේ තනිවම සිට ඇති අතර, නිවසේ ආරක්ෂාව සදහා යොදවා සිටින පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් ආරක්ෂකයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
මරණකරු සිද්ධිය වු ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.