බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මරුට

Share

මාතර බස් නැවතුමේ සිට මිද්දෙනිය දෙසට ධාවනය වූ බස් රථයක් මාතර යුධ හමුදා වටරවුම ආසන්නයෙන් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී බස් රථයට යට වීමෙන් ඊයේ (17) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම කාන්තාව මාතර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 76ක් වන වරකපිටිය, සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News