අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උද්ධික ප්‍රේමරත්න ඊයේ (17) රාත්‍රියේ අනුරාධපුර පොලිස් වසමේ ලහිරු ක්‍රීඩා පිටිය දෙස සිට පුද්ගලික කාර් රථයෙන් තනිවම පැමිණ මෝටර් රථය නිවස ඉදිරිපිට නවතා එයින් බැස නිවස දෙසට යනවාත් සමඟ නවතා තිබූ කාර් රථයේ වම්පසින් පිටුපස අසුන ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් කාර් රථයේ පිටුපස පැති විදුරුවට අලාභ හානි සිදුව ඇති අතර මන්ත්‍රීවරයාට අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරු හෝ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් කාර් රථයකින් පැමිණ ඇති බවට පොලිසිය සැක කරනු ලබනවා.