ගල්ගමුව ආණමඩුව මාර්ගයේ අනතුරක් – එක් අයෙක් මරුට

ගල්ගමුව ආණමඩුව මාර්ගයේ වාලසේන ප්‍රදේශයේ දී ආණමඩුව දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය වූ වෑන් රථයක් එයට ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ අඹුසැමි යුවලක් වන යතුරුපැදිකරු හා පසුපැදිකාරිය ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යතුරු පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 46 ක් වන මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.