මාරක රිය අනතුරක් – පියාට හා දියණියට දිවි අහිමි වෙයි

සන්දිවේලි පොලිස් වසමේ මඩකලපුව වාලච්චේන ප්‍රධාන මාර්ගයේ වෙප්පඅඩි වංගුව ප්‍රදේශයේදී මඩකලපුව දෙස සිට වාලච්චේන දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ වම්පස තිබූ කොහොඹ ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අතතුරින් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, ඔහුගේ දියණිය හා බිරිඳ සන්දිවේලි රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වෑන් රථ රියදුරු හා ඔහුගේ දියණිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල තුවාල ලැබූ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකළපුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 54 ක් හා මිය ගිය දැරිය වයස අවුරුදු 04 ක්වූ කාත්තන්කුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.