හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කල මගීන්ගේ ගමන් බඩු අඩංගු බහලුමක තිබූ පාර්සලයක් තුල හෂිශ් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1098 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ ගමන්බඩු අංශයේ නිලධාරීන් අද සමත් වුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 16,470,000/- ලෙස තක්සේරු කර තිබෙනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාරදීමට නියමිතයි.

Previous articleඅද මි.මී. 50ට වැඩි තද වැසි
Next articleපාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට