පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට

Share

පොළොන්නරුව පොලිස් වසමේ කදුරුවෙල නගරය ආසන්නයේ දී කදුරුවෙල දෙස සිට නව නගරය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් ඊයේ (19) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 39ක් වන නව නගරය, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News