අවිස්සාවේල්ලේ වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Share

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දුව, ගුරුපස්ගොඩ වංගුව අසල දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට 119 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත අවිස්සාවේල්ල පොලිසිය ඊයේ (20) විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකට, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර එහිදී මෙම සිද්ධියෙන් තුවාල ලැබු සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරිමේ දී දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයන් වයස අවුරුදු 27ක් හා 36ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තුවාලකරුවන් ද වයස අවුරුදු 42, 43 වයසේ පසුවන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News