තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ගෝලීය ප්රගතිය පිළිබඳව සතුටු වීමෙි හැකියාවක් නැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා. ගෝලීය වසංගත, ආර්ථික කඩා වැටීම් සහ සම්පන් හිඟය තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීම ප්රමාද කර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව ද ජනාධිපතිවරයා අමතනු ලැබුවා. ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරදි එයි.එම්.එෆ් හි කළමනාකාර අධ්යක්ෂවරිය සහ පොදු රාජ්ය මණ්ඩලීය මහ ලේකම්වරිය ද හමු වී තිබෙනවා.



