ගල්කිස්ස පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ රත්මලාන ප්‍රදේශයේ දී මොරටුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මොටර් රථයක මාර්ගය හරහා මරු වීමට ගිය පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, වයස අවුරුදු 50 ක් පමණ වන උස අඩි 05 අඟල් 03 ක්, යාචක කාන්තාවක් බවට අනාවරණය වී තිබෙනවා.