කටුගස්තොට පොලිස් වසමේ මඩවල කටුගස්තොට මාර්ගයේ පොල්ගොල්ල ප්‍රදේශයේ දී මඩවල දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එම දිශාවටම ගමන් කල පාපැදියක ගැටී ඊයේ (21) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 76ක් වූ අයෙක් බවයි වාර්තා වන්නේ.
තවද සේරුනුවර පොලිස් වසමේ සේරුවිල සේරුනුවර අතුරු මාර්ගයේ කාවන්තිස්සපුර ප්‍රදේශයේ දී සේරුනුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නැවැත්වීමට යාමේ දී එම දිශාවටම පිටු පසින් ධාවනය වූ යතුරු පැදියක් එකිනෙක ගැටී ඊයේ (21) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා සේරුනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිටුපසින් පැමිණි යතුරු පැදියේ පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 56ක් වූ සේරුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.