හුංගම පොලිස් වසමේ මාරගහ හන්දිය ප්රදේශයේ දී ඊයේ (24) පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් එම පුද්ගලයා බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 34 ක් වූ කහදමෝදර, රන්න ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරු තවත් පුද්ගලයෙකු සමඟ පැවති පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමක දී එම පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.



