අකුරැස්ස – ගාල්ල ප්‍රධාන මාර්ගයේ හේනේගම තේ කම්හල අසල දී අකුරැස්ස සිට ගාල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් අකුරැස්ස දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු අකුරැස්ස රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වූ මාරගොඩ, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



