ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අවධාරණය කළේ යුද්ධයෙන් අනතුරුව නව සිරියාවක් ගොඩනැගිය යුතු බවත්, අමෙරිකාවේ කාර්යභාරය එහි දී වඩා වැදගත් බව ඔහු පෙන්වා දෙයි.
අමෙරිකාව ප්‍රංශය හා එහි සන්ධාන හවුල්කරුවන් එක්ව සිරියාව ගොඩනැගිය යුතු බව ඔහු පෙන්වා දී ඇත.
අයි එස් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමෙන් අනතුරුව සිරියානු භූමිය අතහැර නොදැමිය යුතු බව, ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබේ.
සිරියාව ගොඩනැගීමේ දී රුසියාව හා තුර්කියට ද වැදගත් කාර්යභාරයක් පවතින බව ඔහු පෙන්වා දී තිබේ.