කඩුවෙල පොලිස් වසමේ හංවැල්ල කොළඹ මාර්ගයේ කඩුවෙල නගරය ආසන්නයේ දී හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික මාරුව මතින් ගමන් කළ කාන්තාවකගේ ගැටී ඊයේ (25) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව බියගම රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 50ක් වන රණාල ප්රදේශයේ පදිංචිකාරියක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



