අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

කොහුවල පොලිස් වසමේ සරණංකර මාවත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරෝයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සමඟ සැකකරුවෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී වැල්ලවත්ත හා කොහුවල පොලිස් වසම්වල සොරකම් කිරීම් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවට අනාවරණය වී ඇති අතර සොරාගන්නා ලද බිත්ති විදුලි පංකාවක් හා විවිධ වර්ගයේ ඇඟ ගැල්වුම් වර්ග ඳ පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News