සන්දිවේලි පොලිස් වසමේ මඩකලපුව ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ පරංගියාමඩු ප්‍රදේශයේ දී යතුරුපැදියක් පරංගියාමඩු අතුරු මාර්ගයේ සිට මඩකලපුව ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටී ඊයේ (25) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු සන්දිවේලි රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 26ක් වන වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් සන්දිවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



