හිනිදුම පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු 32 ක කාන්තාවක් ඇයගේ මාස 10 ක් වයසැති පිරිමි දරුවා ඝාතනය කර එම කාන්තාව ද නිවස තුළ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
අද (23) උදෑසන 10 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.
එම කාන්තාව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවට අනාවරණ වී ඇත.
හිනිදුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.