බුලත්සිංහල පොලිස් වසමේ අක්කර 50, හල්වතුර ප්‍රදේශයේ දී නිල්වක ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට බුලත්සිංහල පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව දියේ ගිලී සිටි පුද්ගලයා ගොඩට ගෙන ප්‍රථිකාර සඳහා ඉංගිරිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 22 ක් වූ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් සිවු දෙනෙකු සමඟ දියනෑම සදහා ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බවට අනාවරණය වී තිබෙනවා.