දොම්පේ පොලිස් වසමේ හංවැල්ල ගිරිදර මාර්ගයේ තිත්පත්තර පුදේශයේ දී හංවැල්ල දෙස සිට පූගොඩ දෙසට ධාවනය වූ කැබ් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු දොම්පේ රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 21 ක් වු ආනන්ද මෛත්‍රී මාවත, මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



