ගල්කිස්ස පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ ත්‍රී රෝද රථයකින් පැමිණ කඩුවක් පෙන්වා කොල්ලකෑමට තැත් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
එහිදී අපරාධය සඳහා යොදාගත් ත්‍රී රෝද රථය සමඟ සැකකරුවෙකු බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් ද ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඉහත අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් දෙදෙනා නැදිමාල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 100ක් හා අත්විලංගු කුට්ටමක් , මි.මි 9 වර්ගයේ ජීව පතොරොම් 25ක් හා 845 වර්ගයේ ජීවි පතොරොම් 01ක් ද අනෙක් සැකකරු සන්තකයේ තිබී කඩුවක් සහ හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් වයස අවුරුදු 21, 25 සහ 31 යන වයස්වල පසුවන හොරණ, බණ්ඩාරගම හා මාහේන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



