යතුරුපැදි අනතුරකින් තරුණියක් මරුට

Share

වැලිකන්ද පොලිස් වසමේ වැලිකන්ද සිංහපුර මාර්ගයේ සිංහපුර ජයවික්‍රමගම ප්‍රදේශයේ දී වැලිකන්ද දෙස සිට සිංහපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් එම දෙසටම ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේ දී ලොරි රථයේ පිටුපස ගැටී ඊයේ (27) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකාරිය සහ පසුපැදිකාරිය බරපතල තුවාල ලබා වැලිකන්ද රෝහල වෙත ඇතුළත් කිරීමේ දී යතුරු පැදිකාරිය මියගොස් ඇති අතර පසුපැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වූ වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News