අම්බලන්ගොඩ මීටියාගොඩ මාර්ගයේ මගවෙල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරු වයස අවුරුදු 47ක් වන පනියන, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.