නිරිත දිග මෝසම සක්‍රීයයි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

Share

නිරිත දිග මෝසම ක්‍රියාත්මක බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇද හැලෙන වැසි සමඟ ගංගා සහ ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

පහත් බිම් රැසක් දැනටමත් ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

නිල්වලා සහ කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

පවතින අයහපත් කාළගුණික තත්ත්වයත් සමඟ රිය ධාවනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News