ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එදින දෙහිවල සත්වෝද්‍යානයට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
එදින පෙරවරු 8.30 සිට 5.00 දක්වා වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහා මෙම අවස්ථාව ලබාදී ඇති අතර දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්.