මහියංගණ රජමහා විහාරයේ පෙරහැරට සහභාගී වීමට වීමට පැමිණි සීතා ඇතින්නට වනජීවී නිලධාරීන් සමඟ අනියුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකු වෙඩි තබා තිබෙනවා.
ඒ සීතා ඇතින්න වන අලියෙකු බවට සැක සිතීම නිසා බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම සිදුකල සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.