ගංගා රැසක ජල මට්ටම් ඉහළට

Share

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇතිවූ අතර ඒ හේතුවෙන් ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගිං ගඟ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි අපට වාර්තා වුණේ.

කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හමුවේ ප්‍රදේශ රැසක ජනතාව ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා.

අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

රතනපුර, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල පවුල් 1275කට අයත් පුද්ගලයින් 5051 දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක 8කට පනවා තිබු නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

Read more

Local News