බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

Share

අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට ඹබරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සදහා සුරියවැව රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 57 ක් වන විහාරගල, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ ආඩිගම වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඒ සදහා බිලී පිත්තක් සාදා ගැනිමට වැව ආසන්න ප්‍රදේශයේ කැලෑබද පෙදෙසකට ගිය අවස්ථාවේ දී මෙම ඹබර ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙම පුද්ගලයින් දෙදෙනා අසල තිබු වාඩියකට දිව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එවිට එම වාඩියේ සිටි තවත් පුද්ගයින් දෙදෙනෙකුට ද ඔබරුන් දෂ්ඨ කර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයා මෙම වාඩිය අසලම මිය ගොස් සිට ඇති අතර ඔබර ප්‍රහාරයට ලක්වු අනෙක් පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර සදහා සුරියවැව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News