මුන්දලම පොලිස් වසමේ තාරවිල්ලුව ප්රදේශයෙන් ගලා බසින කිරීයන්කල්ලිය ඇලෙන් එගොඩ වීමට ගිය පුද්ගලයෙකු ඊයේ (01) දියේ ගසා ගෙන ගොස් තිබෙනවා.
අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන මීගමුව ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පැවැති අයහපත් කාළගුණය හේතුවෙන් මුන්දලම තාරවිල්ලුව ප්රදේශයෙන් ගලා බසින කිරීයන්කල්ලිය ඇලෙහි එගොඩ වීමට යාමේ දී පැවති ජල පහරට හසු වීමෙන් මෙසේ ගසා ගෙන ගොස් ඇති අතර අතරුදහන් වූ අය සොයා ගැනීමට නාවික හමුදා සහය ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



