හෙට වැසි තත්ත්වයේ වැඩි වීමක් – කාළගුණයෙන් අනතුරු ඇඟවීම්(VIDEO)

අද දිනයට සාපේක්ෂව හෙට දිනයේ වර්ෂාව වැඩි වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර පහත් බිම් තවමත් ජලයෙන් යටව පවතිනවා.

මේ අතර දිස්ත්‍රික්ක 08 කට පැනවූ නාය යෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ නැහැ – ප්‍රවාහන සේවා සංගම් කියයි
Next articleසීතාට ප්‍රතිකාර කිරීමට දළඳා මාලිගාවේ ඇත් පන්තියේ පශු වෛද්‍යවරයා පැමිණෙයි(VIDEO)