වල්ලාපට්ට සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කළුතර උතුර පොලිස් වසමේ ගාලු පාර කැලිඩෝ වෙරළට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව වල්ලාපට්ට කිලෝ 50 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු එම වල්ලාපට්ට ප්‍රවාහනය කිරීමට යොදාගත් කාර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Previous articleලෝක ජනාවාස දිනය අදයි
Next articleවැසි තත්ත්වයේ වැඩි වීමක්