ලෝක ජනාවාස දිනය අදයි

ලෝක ජනාවාස දිනය අදට (02) යෙදී තිබෙනවා.

1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

1985 වසරේ බටහිර ඉන්දියානු කොදෙව් දූපතක් වූ ජැමෙයිකානු රාජ්‍යයේ කිංස්ටන් නුවරට රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම, සිය වාර්ෂික සැසිවාරයේ දී වාර්ෂිකව ලෝක ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

පසුගිය වසර 37 ක කාලය තුළ නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයට අදාළ විවිධ වූ තේමාවන් යටතේ ලෝක ජනාවාස දින සැමරුම සිදුකරනු ලැබීය.

සෑම වර්ෂයකම විශේෂිත වූ තේමාවක් යටතේ ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මෙවර තේමාව වනුයේ “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්නයි.

Previous articleජනපති රනිල් මුළු ලෝකයම රවටමින් සිටිනවා – අනුර කියයි(VIDEO)
Next articleවල්ලාපට්ට සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට