අඹු සැමි ආරවුලකින් බිරිඳ මරුට

Share

වැල්ලව පොලිස් වසමේ මරළුවාව ප්‍රදේශයේ දී ස්වාමි පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවට වැල්ලව පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 35ක් වූ මරළුවාව, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මියගිය කාන්තාව තම දරුවන් දෙදෙනා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර ඇයගේ ස්වාමි පුරුෂයා විදේශගතව සිට දින 02 කට පෙර නිවසට පැමිණ තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි පුරුෂයා විසින් මියගිය කාන්තාවට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News