ඊච්චන්කුලම් වව්නියාව මාර්ගයේ පුදුකුලම් හන්දියේ දී අතුරු මාර්ගයකින් පැමිණි යතුරු පැදියක් ප්‍රධාන මාර්ගයට එක්වරම ඇතුළු කිරීමේ දී ඊච්චන්කුලම් දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී ඊයේ (03) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ පිටුපස ගමන් කළ දරුවෙකු සහ දැරියක් වව්නියාව රෝහලට ඇතුලත් කිරීමේ දී දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය දරුවා වයස අවුරුදු 09ක් වන පුදුකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



