මස්කෙළිය පොලිස් වසමේ මස්කෙළිය සාමිමලේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේ දී මස්කෙළිය ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 30ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් ඊයේ (03) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් කුඩා ලොරි රථයේ පිටුපස ගමන් කළ කාන්තාවන් 12 දෙනෙකු සහ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් 03 දෙනෙකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



