පුස්සැල්ලාව පොලිස් වසමේ පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ පැවති උත්සවයක් අවසන්වීමෙන් පසු පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකු විදුලි පංකාවක ගැටී තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබවින් සිටියදි මියගොස් තිබෙනවා.
මියගිය පිරිමි දරුවා වයස අවුරුදු 14 ක්වූ ඩෙල්ටා දකුණ කොටස, පුපුරැස්ස ප්රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
මියගිය පාසල් සිසුවා තවත් ළමුන් කිහිපදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී පංති කාමරයේ පුටුවක් ආධාරයෙන් මේසයක් මතට නැඟිමේදී සිවිලිමේ සවිකර තිබූ විදුලි පංකාවක් හිසේ ගැටී තුවාල වී ඇති බවට පොලිසිය සිදුකල විර්ශනයේදී අනාවරණය තිබෙනවා.



