පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට

Share

කහටගස්දිගිලිය පොලිස් වසමේ කැකිරාව හන්දිය ගනේවල්පොල මාර්ගයේ දියමයිලගස්වැව ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල පිහිටි ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වන දියමයිලගස්වැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News