දුම්රිය නියාමකවරුන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගයත් සමඟ අද (5) උදෑසන කාර්යාල දුම්රිය ඇතුළු ගමන්වාර 30 ට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් මඟී ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.
දුම්වැටියකට වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නවා නම් වෘත්තිය සමිතිවල අනාගතය ගැන කණගාටු වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
තමන්ගේ ගැටළු තමන් විසඳා ගන්නේ නැතිව රටේ අහිංසක ජනතාව බිල්ලට ගැනීම පිළිබඳව ජනයතාව තුළ ඇත්තේ දැඩි පිළිකුලක්.
මේ අතර සියලුම දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති අතර, අද දහවල් 12 ට පෙර සේවයට වාර්තා කිරීම සඳහා දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



