සාදයක් අතරතුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Share

අඹන්පොල පොලිස් වසමේ තිඹිරියාව,ඇඹෝගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇහැටුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 27ක් වූ තිඹිරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නිවසක දිවා කාලයේ පිරිසක් විසින් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එම සාදය අතරතුර ඇති වූ බහින් බස්වීමකින් පසු සාදය පැවති නිවසේ හිමිකරු විසින් සාදයේ සිටි අයෙකුට නිවස ඉදිරිපස ඉඩමේ දී පතරොම් තුවක්කුවකින් වෙඩි තබා ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අඹන්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News