කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් වට රවුම අසල රථ වාහන හැසිරවීමේ රාජකාරී යෙදී සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරට පත්ව බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) අළුයම මියගොස් තිබෙනවා.
මියගිය පොලිස් නිලධාරියා වයස අවුරුදු 25ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර සම්බන්ධයෙන් වයස අවුරුදු 27ක් වූ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



