මව සහ දියණිය පදික මාරුවේ දී මෝටර් රථයක ගැටේ – මව ජීවිතක්ෂයට

Share

කැස්බෑව හොරණ මාර්ගයේ හල්පිට ප්‍රදේශයේ දී හොරණ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක මාර්ගය හරහා පදික මාරුව මතින් ගමන් කල කාන්තාවක් සහ ඇයගේ දියණිය ගැටී ඊයේ (05) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් දෙදෙනාම තුවාල ලැබා රෝහලට ඇතුලත් කිරීමේ දී කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 38ක් වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News