දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වර්ෂාපතනය නිසා මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
නිල්වලා ගඟ මහා ගංවතුර තත්ත්වයක් දක්වා ගමන් කරමින් තිබෙන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට යුද්ද හමුදා භටයින් 600 දෙනෙකු යොදවා ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.
වර්ෂාවත් සමඟ රිය ධාවනයේ දී සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.



