අදත් වැසි

Share

නැගෙනගිර, ඌව, උතුර සහ උතරු මැද පළාත්වල අද (08) සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතනර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රක්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මී.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read more

Local News