කාත්තන්කුඩි පොලිස් වසමේ නාවල්අඩි කලපු තීරයේ ඔරුවක් පදිමින් සිටි තරුණයින් හය දෙනෙකු ඔරුවේ කොල්ලෑව කැඩී කළපුවෙ පෙරළි ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී තරුණයින් සිව්දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයින් වයස අවුරුදු 18, 19 අතර වයස්වල පසුවන මඩකලපුව, මාමන්ගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.



