අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 20,480 ට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ගංවතුර තත්ත්වයන් ක්‍රමයෙන් පහව යන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
පවතින ගංවතුර තත්ත්වයන් හමුවේ පානීය ජලය උණුකර භාවිතා කරන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටිනවා.
මේ අතර අද දිනයේත් ප්‍රදේශ රැසකට සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



