රත්ගම පොලිස් වසමේ දේවිනිගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
ඉන් තුවාල ලබු පුද්ගලයින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක් වූ දේවිනිගොඩ, රත්ගම ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කල දැනට සේවය අත්හිටුවා ඇති පොලිස් පරීක්ෂකවයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



